රනමුනේ පීල්ල

කොත්මලේ ජලාශයේ බැම්මේ සිට මාවෙල දෙසට කිලෝමීටර 5-6ක් ගිය තැන මනරම් කුඩා වෙල් යායක් අද්දර ඉහල කෙළවරේ රණමුනේ පිහිල්ල පිහිටා තිබෙනවා. අඩියක් පමණ පලල වතුර දහරක් හිසමතට කඩා වැටී මිනිස්සිරුරු පවිත්‍ර කරන මෙම රණමුනේ පිහිල්ල අහල ගම්මාන වල ජනයා වැල නොකැඩී නෑමට ඇදී එන පීල්ලක්. යාබදව පිහිටා ඇති අම්බලම වැනි ගොඩනැගිල්ල ඉතා පැරණි කාලයට අයත් පාදමක සලකුණු මත නිර්මාණය කළ එකක්. මෙම පිහිල්ල ගැමුණු කුමාරයා කොත්මලේ සිට සේනා සංවිධානය කල කාලය දක්වාම ඇදී යන ඉතිහාසයකට ඇතුලත් බව එගම ගැමියන් අප සමග පැවසුවා. උල්පත් ජලය කෙලින්ම හිස මතට වැටෙද්දී තරමක සිසිලකින් යුක්ත වුනත් ඒ වැනි පිහිල්ලකින් නා ගැනීම අමුතුම ජීවන අත්දැකීමකි


Comments

Popular posts from this blog

Ramboda falls ..

Kadiellena falls