කඩදොර විහාරය

දිවංගත ගාමිණී දිසානායක ශ්‍රීමතානන් විසින් මැදිහත් වී ජල විදුලිය ලබාගැනීම පිණිස නිමවුණු කොත්මලේ ජලාශයට යටවුනු ගම් අතර කඩදොර යනු එක් ගමකි. එහි තිබූ විහාරය 1984 සිට වතුරට බිලි වුණා. මේ වතුරට යට වුණු විහාර බිමේ ඇති බුදුපිලිමය පායන කාලයට එනම් ඉඩෝර කාලයට මතු වෙනවා. ඒ බලන්නට මහ සෙනග පොදි බැඳගෙන කොත්මලේ කඩදොර වෙත ළගා වෙනවා. දැන් වසර 30කට අධික කාලයක් වුනත් ඇතැම් ගොඩනැගිලි කැඩී බිදී ගොස් තිබුනත් තවමත් මේ ජලාශයේ වතුර අඩු කාලයට ඒ බුදුපිළිම වහන්සේත් ඉතිරි විහාර අංගත් කොත්මලේ ජලාශයේ වතුර මට්ටම ආසන්නයේම දැකගන්නට හැකියි.
වර්තමානය වන විට ඒ විහාරයේ විහාර ගෙයි තිබූ අනෙකුත් පිළිම වහන්සේලා කැඩී බිදී ගොස් තිබුණත් බුදුපිලිම වහන්සේ තවමත් බොහෝදුරට ආරක්ෂා වී තිබෙන්නේ යම් ආශ්චර්යයකින් දෝ හෝ යි එය බලන්න යන අපිට සිතෙනවා. වර්ණාලේපිත කඩදොර විහාරස්ථ බුදුපිලිම වහන්සේ 1984 ට ප්‍රථම එතරම් ජන අවධානයක් දිනාගන්නේ නැතිව ඇති. එහෙත් කාලාන්තරයක් තිස්සේ රැල්ලට සහ ජලයට හසුව වර්ණ සේදී ගොස් දැන් සිමෙන්ති පැහැයෙන් තිබෙන මේ බුදුපිලිම වහන්සේ තුලින් වර්ණ රහිත වුවත් යම් ශාන්තිදායක නිරාමිශ ප්‍රීතියක් බෞද්ධ බැතිමතුන්ට ඇතිකරන්නට සමත්. වැඩිපුර ආටෝප සාටෝපවට වඩා පුරාණ බුදුපිලිම වලට  උරුම සරල එහෙත් ප්‍රබල පෙනුමක් මේ කඩදොර පිළිම වහන්සේ සහ ඒ අදාල පරිසරය මගින් අපිට මවා පානවා


Comments

Popular posts from this blog

රනමුනේ පීල්ල

Ramboda falls ..

Kadiellena falls