දෙහදු කඩුල්ල
—————————————–
දුටුගැමුණු රජතුමා කියන්නේ කවුද කියලා අපි කාටවත් අමුතුවෙන් කියන්න ඕන නැහැ.ඒ වගේමයි අපේ රට රුහුණු , මායා, පිහිටි කියලා ප්රධාන කොටස් 03 ක් විදිහට පැවතුනා කියලා අපි දන්නවා.. මේ කියන්න යන්නේ ඒ ඉතිහාසයෙන් ඉතිරිවුනු වටිනා කියන තැනක් ගැන..
මේ දෙහදු කඩුල්ල …
ඉතිහාසයේ ශ්රී ලංකාවේ පැවති රුහුණු මායා පිහිටි රටවල් 03න් රුහුණු රට ඉදලා මායා රටට පිවිසෙන දොරටු 04ක් තිබිලා තියනවා. කඩදොර, වටදොර , නියම්ගම්දොර, ගල්දොර කියලා හදුන්වලා තියන දොරටු 04න් දැනට ඉතිරි වෙලා තියෙන්නේ මේ කඩදොර එහෙම නැත්තම් දෙහදු කඩුල්ල කියන ස්ථානය විතරයි.
ශ්රී දළදා වහන්සේ කොත්මලේ සගවලා තිබුනු නිසා කොත්මලේ ප්රදේශය රජ සමයේ අධි ආරක්ෂිත කලාපයක් බව ඉතිහාසයේ සදහන් වෙනවා..
දුටුගැමුණු රජතුමා තමන්ගේ මගුල් කඩුව සගවලා තිබුන ස්ථානය විදිහටත් මෙතන සැලකෙනවා.
කොත්මලේ ජලාශයට යටවී ගිය කඩදොර විහාරය මේ ආශ්රිතව ඇති පෞරාණික විහාරයක්...
ගල් සක්ක සහ ගල් කුට්ටි වලින් ඉදි කරලා තියන මෙම ස්ථානය.සහ කොත්මලේ ඉදලා කොටගේපිටිය ග්රාමය දක්වා පලාපු ගලෙන් නිම කරන ලද පඩිපෙලක නටඹුන් අදටත් දකින්නට පුලුවන්..
ඉතින් මේ තැනට තියෙන්නේ ගම්පොල නුවරඑළිය මාර්ගයේ ගිහින් කොත්මලේ ජලාශය මාර්ගයේ ගිහින් කොත්මලේ සෑය තියන මාර්ගයට හැරෙන තැනමයි.කොත්මලේ සෑයට විදුලි බලාගාරයට හරි කොත්මලේ ජලාශය බලන්න යනවා නම් මේ ස්ථානය අමතක කරන්න එපා..
මේ ස්ථානය පුරාවිද්යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා තියන තැනක්. ඒක නිසා මේ තැන් විනාශ කිරීමට උත්සාහ දැරීමත් දඩුවම් ලැබිය හැකි වරදක්.. ඒ කොහොම වුනත් මේ අපේ ඉතිහාසය රැක ගැනීම අපගේ යුතුකමක්..



Comments

Popular posts from this blog

රනමුනේ පීල්ල

Ramboda falls ..

Kadiellena falls