ගැමුනු කුමරු හා සම්බන්ධ ඉතිහාසය
![Image](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5fITVLoEIFQ4oWRdhfUE06S6h8NJuNzwcodvSCtKgn2YcJMoOJn8wL5fXsmNQFNz8sDUBs7Ryr2sXVxLlt9dyW3Fk08P7d-A3NpaIHuc2pw3sDoYnwpULGRDJnaD9uAnoFRZXVhW4Amwm/s320/20190813_105341.jpg)
මෙරට කඳුකර ප්‍රදේශය ඈත අතීතයේ සිටම මලය රට ලෙසින් හැඳින්වූණු අතර කොත් වැනි කඳු මුදුන් සහිත කඳු වැටිවලින් ගහණ වී ඇති පෙදෙස යන අරුත් ඇතිව මෙම ප්‍රදේශය කොත්මලෙයි ලෙස හැඳින්වී පසුව කොත්මලේ ලෙස හැඳින්වෙන්නට ඇති බවට ජනප්‍රවාද අනුව සිතන්නට පුළුවන්. කොත්මලේ ඔය වටා ගොඩනැගෙන මෙම කොත්මලේ ප්‍රදේශය දුටුගැමුණු රජු හා සබැදි ඉතිහාසයකට ද නෑකම් කියනවා. මහාවංශයේ සඳහන් වෙන පරිදි පිය රජතුමා හා උරණ වූ ගැමුණු කුමාරයා විහාර මහා දේවියගේ උපදෙස් පරිදි පලා යන්නේ කොත්මලේ ප්‍රදේශයටයි. එසේ පලා ගිය ඔහු කොටගෙපිටිය ඌරු පැලැස්ස කියන ගොවි ගෙදර නතර වෙලා හිටියා කියලත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එවන් ජනප්‍රවාද අනුව වසර දෙදහසකටත් වැඩි කාලයක් තිස්සේ මෙම කොත්මලේ ග්‍රාමයේ ඉතිහාසය ගලා යනවා. එ මෙන්ම පඩුවස්දෙව් රජ කාලයේ පටන් දිගු ඉතිහාසයක් කියාපාන පුරාණ සෙල් ලිපි සහ වෙහෙර විහාර රැසක් ද මේ කොත්මලේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. තොරතුරු - දිවයින පත්තරය 21/7/2017 (අනෝජා කලුපහන) දුටු ගැමුනු රජු ගේ පිලිරුව ...